මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

Teachers Module

ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම - Teachers Module 


# මොඩියුල වලට අදාල සටහන් (facebook මගින් විවෘත වේ) Click here to OPEN 

#මොඩියුල වලට අදාල සටහන් (pdf ලෙස download කරගත හැක) Click here to OPEN 

පිළිබඳව නිතර අසන ප්‍රශ්ණ වලට පිළිතුරු:

(1) PGDE සමත් නම් මොඩියුල කරන්න ඕනෙද? ඔව්.

(2) MA හෝ MPhil  තියෙනවා නම් මොඩියුල කරන්න ඕනෙද? ඔව්. 

(3) විද්‍යාපීඨ පුහුණුව ලැබූ උපාධිය සමත් ගුරුවරු මොඩියුල කරන්න ඕනෙද? ඔව්. 

(4) මොඩියුල පුහුණුවට කලාප කාර්යාලයෙන් කැඳවනවා ද? නැත. 

(5) මොඩියුල කරන්න පුළුවන් ගුරු මධ්‍යස්ථාන වලින් විතරද ? ඔව්.


       {ගුරු මධ්‍යස්ථාන (ගුරු වෘත්තිය වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන)  හැර වෙනත් කිසිම ආයතනයක් හෝ පුද්ගලයකුට මොඩියුල වෙනුවෙන් පුහුණුව පැවැත්වීම හෝ සහතික ලබාදීම කළ නොහැක.

ඒ සඳහා නිත්‍යානුකූල අයිතිය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ගුරු මධ්‍යස්ථාන වලට පමණි.}


(6) මොඩියුල අවශ්‍ය අවශ්‍ය නොවන්නේ කාටද?

පහත දිනවලට ශ්‍රේණි උසස්වීම් ලැබූ ගුරුවරුන්ට අවශ්‍ය නොවේ. 

 * 2021.10 .22  දින වන විට ගුරු සේවයේ  1 ශ්‍රේණියට උසස් වී ඇති ගුරුවරුන්, 

* 2021.10 .22 දිනට 2- 1 ශ්‍රේණියට උසස්  වී වසර 4 ක් සපුරා ඇති ගුරුවරුන්,

(2017. 10.22 වන දිනට 2- 1 ශ්‍රේණියට උසස් වී ඇති ගුරුවරුන්).


(7) එසේනම් මොඩියුල පුහුණුව ලැබිය යුතු වන්නේ කාටද?

(*) 2018 .10 .23 වන දින හෝ එදිනට පසු 3- 1 ශ්‍රේණියට පත් වූ ගුරුවරුන්,

 (*) 2017 .10 .23 දින හෝ එදිනට පසු දෙකේ 2- ii ශ්‍රේණියට උසස් වූ ගුරුවරුන්,

(*) 2017 .10 . 23 දින හෝ එදිනට පසු 2- 1   ශ්‍රේණියට උසස් වූ ගුරුවරු,

මේ වර්ග තුනටම අයත් ගුරුවරුන් ඔවුන්ට නියමිත කාල සීමාවේදී මොඩියුල පුහුණු අවසන් කර ගත යුතු වෙයි.


(8) මොඩියුල පුහුණුව අවසන් කළ යුතු කාල සීමාව සොයාගන්නේ කොහොමද?

 ඔබ 3-1 ගුරුවරයෙක් නම්,

* ඔබගේ පත්වීම් දිනයට දිනට වසර තුනක් එකතු කර බලන්න .

උදාහරණ:

 2018 .10. 23. දින පත්වීම් ලැබුවේ නම් එයට වසර 3ක් එකතු කරන්න. ඒ අනුව, 

2021.10 .23 වන දින විට ඔබ මොඩියුල 7 ක් හදාරා අවසන් කළ යුතුයි.

 ඔබ 2 -2 හෝ 2-1 ශ්‍රේණියටඋසස් වූ ගුරුවරයෙකු නම්:

* වර්තමාන ශ්‍රේණියට උසස් වූ දිනට වසර හතරක් එකතු කර බලන්න.

උදාහරණ:

2017.10.23 ශ්‍රේණියට උසස් වූයේ නම් එයට වසර 4  එකතු කරන්න.

ඒ අනුව,

2021.10.23. දින වන විට ඔබට නියමිත මොඩියුල හදාරා නිම කළ යුතුයි.


(9) නියමිත කාලය තුළ මොඩියුල සම්පූර්ණ කිරීමට කුමක් කල යුතුද?

* ඔබට නියමිත ගුරු මධ්‍යස්ථානයේ  ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න .

* ඔබ 3-1 ගුරුවරයෙක් නම් නිවැරදිව ඔබේ මුල් පත්වීම් දින හා ඊට අදාළ තොරතුරු.

 * ඔබ 2-2 හෝ 2- 1 ශ්‍රේණියට උසස් වූ ගුරුවරයෙක් නම්,

* ඔබ උසස් වීම ලැබූ දිනය හා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු තොරතුරු ගුරු මධ්‍යස්ථාන වලට ලබා දෙන්න.

* ඔවුන්ගෙන් ඔබට කැඳවීමක් ලැබෙන තෙක් විමසිලිමත් වන්න.

පමා වේ නම් ඒ පිළිබඳ ගුරු මධ්‍යස්ථාන වලින් විමසන්න.

* නියමිත කාලය ඉක්ම යාමට පෙර මොඩියුල සම්පූර්ණ කර ගැනීමට  නොහැකි වුවහොත් එහි වගකීම ඔබ දරාගත යුතුයි.

*කලාප කාර්යාලය හෝ ගුරු මධ්‍යස්ථානය එහි වගකීම භාර ගන්නේ නැත.

තමාගේ  කාර්යක්ෂමතා කඩඉම පිළිබඳ දැනුවත් වී අදාළ පුහුණුවට සහභාගී වීමට ඔබ උනන්දු විය යුතුයි.කවුරුන් හෝ කැඳවා වී යැයි බලා නොසිටින්න .

* ඔබේ ශ්‍රේණි උසස්වීම් තොරතුරු ගුරු මධ්‍යස්ථාන වලට ලැබෙන්නේ නැත. එබැවින් ඔබ එය ලබා දිය යුතුයි.

* කාර්යක්ෂමතා  කඩඉම්  පුහුණුව පැවැත්වීම හා අදාළ සහතික ලබාදීම  පමණක් ගුරු මධ්‍යස්ථාන වලින් ඉටු කරයි.

එබැවින්,

ඔබ ඔබගේ කාර්යක්ෂමතා පුහුණුව පිළිබඳ ගුරු මධ්‍යස්ථානයෙන් විමසා තොරතුරු දැනගන්න.


(10) කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සම්පූර්ණ කළ පසු අදාළ ශ්‍රේණි උසස්වීම් ලබා ගන්නේ කෙසේද ?


 ඔබගේ විදුහල්පති මගින් කලාප අධ්‍යාපන  කාර්යාලයට ඔබගේ සහතික සමග උසස්වීම් අයදුම්පත භාර දෙන්න.


{උපුටා ගැනීම හා ස්තූතිය :

බෝලවලාන ගුරු වෘත්තිය  සංවර්ධන මධ්‍යස්ථානයේ, 

කළමනාකරු /කථිකාචාර්ය, 

චිත්‍රානි ප්‍රියංගනී ද සිල්වා මහත්මිය වෙත.}

Post a Comment

0 Comments