෴E-learning ක්‍රමවේදය ප්‍රායෝගිකව පන්ති කාමරයක් තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේද?෴
Microsoft Powerpoint හැරුණු විට Powerpoint වලට වඩා සාර්ථකව පන්ති කාමරයක් තුළ සාර්ථකව භාවිතා කළ හැකි අධ්‍යාපනික මෘදුකාංගය කුමක්ද? මෙම ගැටළුවට ඔබ සතුව ඇති පිළිතුර කුමක්ද? Microsoft powerpoint සත්‍ය ලෙසම අධ්‍යාපනික මෘදුකංගයක් නොවේ.Ms office සමඟ ලැබෙනා Presentation මෘදුකාංගයක් පමණයි.
එසේනම් පන්ති කාමරයක් තුළ භාවිතා කළ හැකි සාර්ථකම මෘදුකාංගය නම් Web browser එකයි. (වෙබ් අතිරික්සුවයි).
වෙබ් අතිරික්සුව අධ්‍යාපනික මෘදුකාංගයක් වන්නේ කෙසේදැයි ගැටළුවක් ඇතිනම් මෙම link එකෙහි අඩංගු python ක්‍රමලේඛණ භෂාවේ එක් කොටසක් ආවරණය කිරීමට සකස් කර ඇති Web app එක open කර බලන්න.
එය සකස් කරේ කෙසේදැයි ගැටළුවක් ඇතිනම් එය සකස් කළ මෘදුකාංගය Articulate storyline 3 නම් මෘදුකාංගයයි.
මෙම Web based apps පන්ති කාමරයක් තුල ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
1.ඉගැන්වීමට අවශ්‍ය පාඩමට අදාලව ඉහත ආකාරයේ app,modules,activities සකස් කර ගන්න.
2.xammp හෝ wamp වැනි local server මෘදුකාංගයක් install කර එහි content share කරන folder එකට සකස් කරගත් content එක copy කරගන්න.
3.Network එකක් සක්ස කරගන්න network switch ,router(අන්තර්ජාල පහසුකම අවශ්‍ය නැත),Access point මේ සඳහා භාවිතා කරන්න.Network switch එකක් භාවිතා කර ඇතිනම් සියළුම පරිගණක එකම ip range එකකට සකස් කරගෙන server software එක install කරගත් පරිගණකයේ ip එක ඔස්සේ app එකට සම්බන්ධ විය හැක.
Access point router වල port forwarding යනුවෙන් පහසුකම්ක ඇති එහි IP සකස් කර ගත යුතු නැත.
5.සිසුන්ට host පරිගණකයේ ip එක ඔස්සේ web app එක load කරගත හැක.
මෙම web app සිසුවෙකුට තනිවම ඉගෙන ගතහැකි ලෙස සකස් කරන්න.notes,videos සහ animationa,simulations,interactive activities මෙහම අඩංගු වන බැවින් ගුරුවරයා නොමැතිව වුවත් සිසුන් තනිවම ඉගෙන ගැනීමට මෙමගින් හැකියාවක් ලබා දෙයි .ගුරුවරයා facilitator පමණයක් විය යුතුයි යන නූතන ක්‍රමවේදය මෙමඟින් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.
ඉක්මනින් ඉගෙන ගන්නා සිසුන්ට අවහිරයක් නොමැතිව ඉක්මනින් ඉගෙනගන්නා අතරම සෙමින් ඉගෙනගන්නා සිසුන්ට අමතර සහායක් ගුරවරයා ලබා දෙමින් සියළු සිසුන්ට හොදින් ඉගෙනීමට පවා අවස්ථාව ලැබේ. Web based ක්‍රමවේදයක් වන බැවින් සිසුන්ගේ අදාල Module එකේ කොපමණ කොටසක් ඉවර කර ඇතිද ,Activities වලට ලබාගෙන ඇති ලකුණු එම අවස්ථාවේදීම එක app එක host කර ඇති පරිගණකයට ලබාගෙන පන්තියටම පෙන්විය හැකි.php සහ javascript පිලිබද සාමාන්‍ය දැනුමක් තිබීම එයට ප්‍රමාණවත් වේ
අධ්‍යාපනික අරමුණු සඳහාම සකස් කළ මෘදුකාංග රාශියක් භාවිතයේ පවතින නමුත් අප රටේ එවැනි මෘදුකාංග ඇති බවවත් බොහෝ ගුරුවරුන් දැනුවත් නැත. පහත සඳහන් මෘදුකංග වලින් කීයක් ඔබ දන්නවාදැයි බලන්න.
1.Adobe captivate
2.Articulate storyline 3
3.Articulate rise
4.Articulate 360
5.Lectora21
6.Adapt
7.exstr
8.exelearning
මේ සියළු මෘදුකාංග html5 වලට සහයෝගය දක්වන බැවින් මෙවැනි Educational content සකස් කර අන්තර්ජාලය නොමැතිව පන්ති කාමර ඉගැන්වීම්වලට සාර්ථකව භාවිතා කල හැක.
-උපුටාගැනීමකි-
0 Comments