පරිගණක විද්‍යාගාර නඩත්තු කිරීම ගැන තියෙන උපදෙස් චක්‍රලේඛවල තියෙන යල්පැනගියපු උපදෙසක් තමයි හැම පරිගණකයකටම අදාලව පොතක් තියලා ලමයෙක් මොනවාහරි ක්‍රියාකාරකමක් කරලා ඉවර වුනාම ඒ පොතේ ලියන එක. පරිගණක 40ක් වගේ තියෙන මහින්දෝදය විද්‍යාගාරවලට පොත් 40ක් තියන්න වෙනවා.මේ වැඩේ ඒ විදියට නොකර තාකෂණය භාවිතා කරලා සරළ විසඳුමක් දෙන්න පුලුවන්. පොඩි System එකක් හදාගන්න පුලුවන් ළමයින්ගේ records එකතු කරන්න.
සරළ පියවර ටිකක් තියෙන්නේ කරන්න.
මුලින්ම Teacher PC එකට xammp,wamp වලින් කැමති එකක් install කරගන්න.
ඊළඟට Teacher PC එකටයි LAB එකේ අනිත් PC වලටයි එකම range එකෙන් IP ගහන්න. Control panel එකේ Adavance sharing settings වල තියෙන options ටික ON කරන්න.
පහළ link එකේ තියෙන file එක download කරලා එකේ තියෙන files ඔක්කොම xammp folder එකේ htdocs folder එක ඇතුළේ මොනවාහරි folder නමක් තියෙන folder එකක් හදලා ඒකට copy කරන්න.
ඔය files වල තියෙනවා database file එකක්.submit.php file කියලා file එකක්තු තියෙනවා.ඒ file එක open කරලා එකේ තියෙන database නමින් database එකක් phpmyadmin වල හදාගෙන folder එකේ තියෙන database file එකට අලුතින් හදපු database එකට import කරන්න.
Teacher pc එකේ virus guard එක off කරන්න .
දැන් කරන්න තියෙන්නේ ළමයින්ට කියන්න web browser එකක් open කරලා teacher pc එකේ ip එකයි files copy කරන්න හදලු folder name එකයි ගහලා enter කරන්න කියන්න.උදාහරණයක් විදියට teacher pc එකේ ip එක 192.168.1.1සහ files copy කරපු folder name එක students_records නම් Browser එකේ ගහන්න ඕනී url link එක.192.168.1.1/students_records .
ඔය link එකෙන් Video එකේ තියෙන විදියේ html form එකක් load වෙනවා.ළමයින්ට තියෙන්නේ form එක fill කරලා save කරන්න.ළමයින්ගේ data database එකට save වෙනවා.අවශ්‍යනන් එතනින් print අරන් තියාගන්න පුලුවන්.
මේ link එකෙන් files ටික download කරන්න.system එකේ photos ටික වෙනස් කරගන්න අවශ්‍යනන්.
https://drive.google.com/file/d/1CYJK7SY2Tv30tdmpLarjUoMU4VlEp8yV/view?usp=drivesdk
0 Comments